Welfare Center

Subodhi

Subodi was formed and dedicated 8 years ago to provide and improve mental and physical relief to the deprived senior citizens due to various reasons in the island.

Since the inception “Subodhi” has been the shelter and safety for the many senior citizens that came under the roof of the home.

To be organized as per the Mission Statement and not to become just another elders home in the Island but...,
To Provide a heartfelt shelter to these Senior Citizens and a home of their own comfort to be in their memory throughout the rest of their lives. 

To provide mental and physical relief to the Senior Citizens who are affected by various circumstances or become victims of homelessness.

සුබෝධී අපි

පුරා වසර 8 ක් මුළුල්ලේ විවිධ හේතූන් මත රැකවරණය අහිමි වූ ජේෂ්ඨ පුරවැසියන්ගේ කායික හා මානසික සුවතාවය සදහා කැප වී සිටිනා ලියාපදිංචි ආයතනයක් වෙමු.

එදා මෙදා කාල පරාසය තුල අප වෙත පැමිණි සුවහසක් ජේෂ්ඨ පුරවැසියන්ගේ රැකවරණය සතුට සුරක්ෂිත කල සුබෝධී ඔවුන්ගේ සොදුරු නිවහනයි.

වර්ෂ 2011 ක් වූ මැදින් පොහෝ දින එනම් 19 වන දින සුබෝධී ජේෂ්ඨ පුරවැසි නිකේතනය අංක 46/2 අල්විස් උයන ශ‍්‍රී ඥානේන්ද්‍ර පාර රත්මලාන යන ස්ථානයේදී සමස්ථ ලංකා ප‍්‍රජා ශක්ති පදනමේ ප‍්‍රධාන අනුශාසක පූජ්‍ය සියඹලා පිටියේ ජිනරතන හිමියන්ගේ අනුශාසනාවෙන් පදනමේ නිලධාරීන්ගේ ප‍්‍රමුඛත්වයෙන් සහ දානපතියන්ගේ පරිත්‍යාගයෙන් සුපහන් සිතින් ආරම්භ කරන ලදී.

ලියාපදිංචි අංක පී/ එන්/ එස්/ එස්/ 11/ 57 යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට සමස්ථ ලංකා ප‍්‍රජා ශක්ති පදනම යටතේ පාලනය වෙමින් ජේෂ්ඨ පුරවැසියන් ත‍්‍රිත්වයකින් ආරම්භ කරන ලදී සුබෝධී නිකේතනය එදා මෙදා තුර සුවහසක් ජේෂ්ඨ පුරවැසියන්ගේ සැදෑ සමය ප‍්‍රදීපවත් කල නිවහනක් ලෙස ආදරයට පාත‍්‍ර වූ නිකේතනයකි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා යොමුවන අසරණ ජේෂ්ඨ පුරවැසියන් මෙන්ම විවිධ හේතූන් මත භාරකාරුවන් හරහා යොමුවන ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ සැදෑ සමය සතුටු සිතින් ගෙවාලන සොදුරු නිවහන මේ වන විට අංක 25/3 සී එස් ඒ පෙරේරා මාවත උයන මොරටුව යන ස්ථානයේ මහජන ආධාර මත සහ භාරකරුවන්ගේ පරිත්‍යාග මත සාර්ථකව පවත්වාගෙන යනු ලබයි

මෙහෙවර ප‍්‍රකාශය අනුව සැළසුම් වෙමින් දිවයින පුරා විසිරි පවතින නිකේතන අතර තවත් එක් නිකේතනයක් නොව ජේෂ්ඨ පුරවැසියන්ගේ අධ්‍යාත්මික සුවතාවය හදපිරි වදනින්ම තහවුරු වන ඔවුන්ගේම පවුලේ නිවහනක් බවට ජේෂ්ඨ පුරවැසි හදවත් තුල සදා සනිටුහන් වීම

විවිධ හේතූන් මත රැකවරණය අහිමි වු සහ විකලාංග තත්වයට පත් වූ ජේෂ්ඨ පුරවැසියන් සදහා කායික හා මානසික සුවතාවය ගොඩනැගීම සදහා කැපවීම

Facilities at the Home

  • Spacious lodging
  • Adjoining Jogging Track
  • Easy accessible attached bathrooms
  • Delicious and Healthy Food
  • Sharing or Individual rooms
  • Kind and Gentle Care
  • Peaceful and Serene Environment
03, Rawathawatta
1st lane, moratuwa, Sri Lanka
(94) 383 395 950
All days
info@subodhiwelfare.com
24 X 7 online support
TOP